ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර මගින් පයාගල සිරිකුරුස විද්‍යාලය සඳහා නායකත්ව පුහුණු කඳවුරක්
12:16pm on Wednesday 13th February 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැෆ්ටන් බ්ඒඑම්පී බාලසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ පයාගල සිරිකුරුස විද්‍යාලයේ දරුවන් උදෙසා සංවිධානය කරනු ලැබූ  නායකත්ව පුහුණු කඳවුරක් පසුගිය පෙබරවාරි මස 09 වන දින කඳවුරු පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව පාසැලේ අධ්‍යක්ෂ වන වින්සන්ට් ඈෂ්ලි පියතුමන් විසින් ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂකයෙන් කරන ලද ඉල්ලීමකට ප‍්‍රතිචාරවශයෙන් සිදුකරන ලද අතර මේ සඳහා ශිෂ්‍ය නායකයින් හා භාරකරුවන් 65 දෙනෙකු පමණ සහභාගී විය. එහිදී ඔවුන් කණ්ඩායම් ඉසව්, ශාරීරික අභ්‍යාස හා නායකත්ව පුහුණු  වැඩසටහන් සඳහා සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි