ගුවන් යානා කාර්‍ය් කැඩෙට් නිළධාරීන් හට ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහනක්
4:28pm on Wednesday 27th February 2019
ජීවිතාරක්ෂක පුහුණුව යනු ගුවන් නියමු පුහුණුවක් සඳහා වන එක් අංගයක් වන අතර එමගින් ඔවුන්ට ගුවන් යානයක් ජලාශයකට හෝ වනාන්තරයකට කඩා වැටීමකදී එම පරිසර තත්වයන් තුළ නොනැසී සිටීම සහ ඉන් මිදීම සහා අත්වැලක් සපයයි. මෙම ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහන ගුවන් හමුදාව විසින් ලබාදීමේ ප‍්‍රධාන අරමුණ වන්නේද මෙවැනි තත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා මුහුණ දීමට ගුවන් යානා කාර්ය මණ්ඩලයන් හට නිසි පුහුණුවක් ලබාදීමයි.

02-19 ගුවන්යානා කාර්‍ය් මණ්ඩල සදහා ජලයේ හා කැළැවේ නොනැසී ජීවත්වීම පිළිබද පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස මස 11 වන දින සිට 21 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කදවුරේදී පවත්වන ලදී. මේ සඳහා පුහුණු කැඩෙට් නිලදාරීන් 17 දෙනෙකු පමණ සහභාගී වූ අතර මෙම පාඨමාලාව කැඩෙට් නිළධාරීන් හට පැවත්වන ලද පළමු අවස්ථාවද වෙයි.

මෙම අභ්‍යාසයේ අරමුණ ජලයේ සහ කැළෑ ප‍්‍රදේශය පුරා සිදුවන අනතුරු හදිසි ගොඩබෑම් පිළිබදව ප‍්‍රායෝගික අත්දැකීම් ලබා දීමට  ගුවන්යානා කාර්‍ය් මණ්ඩලයේ දැනුම සහ හැකියාවන් වර්ධනය කිරීමයි. මෙය ක්‍ෂේත‍්‍ර පුහුණු අභ්‍යාසයක් ලෙස සිදු කරන අතර පුහුණුව ලබන ගුවන්යානා කාර්‍ය් මණ්ඩලය හට න්‍යායික හා ප‍්‍රායෝගික අත්දැකීම ලබා දීම මෙහිදී සිදු කරනු ලබයි.

මෙහිදී මෙහි න්‍යායික දේශන සහ නිදර්ශන කඳවුරු පිහිනුම් තටාකය ආශ‍්‍රිතව පවත්වන ලද අතර අභ්‍යාසය හිමදුරාව ජලාශය ආශ‍්‍රිතව සිදු කරන ලදී. වනගත අභ්‍යාසයන් අම්පාර හිමදුරාව වනගත පෙදෙස ආශ‍්‍රිතව සිදු කරන ලදී.

පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය 2019 පෙබරවාරි මස 20 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එච්ඩබ්කේ චන්දිම ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි