ඇවලෝන් 2019 ප‍්‍රදර්ශනයට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
4:35pm on Wednesday 27th February 2019
ආසියානු පැසිෆික් කලාපයේ පවත්වනු ලබන විශාලතම සහා අතිසාර්ථකම ගුවන් යානා ප‍්‍රදර්ශනයන්ගේන එකක් වන ඔ්ස්ටේ‍්‍රලියානු අන්තර්ජාතික ගුවන් සංදර්ශනය සහ අභ්‍යවකාශ හා ආරක්‍ෂක ප‍්‍රදර්ශනය ”ඇවලෝන් 2019” ගුවන් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, ඔ්ස්ටේ‍්‍රලියානු ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් මාර්ෂල් ගැවින් නෙයිල් ලියෝ ඩේවිස් ගේ ආරාධනයකට අනුව  සහභාගී විය.

ආරක්‍ෂක අංග, ගුවන් යානා සමාගම්, ව්‍යාපාරික සහ සාමාන්‍ය ගුවන් සේවා, ක‍්‍රිඩා සහ විනෝදකටයුතු ගුවන් සේවා, ගුවන් තොටුපල,  අබ්‍යාවකාශ, නියමු රහිත තාක්‍ෂණය, ගුවන් ආරක්‍ෂනය සහ ගොඩබිම් උපකරණ ආදී බහු සමගාමී සම්මන්ත‍්‍රණ සහ ප‍්‍රදර්ශන ඇවලෝන් ගුවන් ප‍්‍රදර්ශනය තුළින් ඉදිරිපත් කෙරේ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි