ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය
4:44pm on Monday 18th March 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 68 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන  ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මාර්තු මස 02 වන දින සිට 06 වන දින දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදි පවත්වන ලදී.  ගුවන් හමුදාධිපති තුමාගේ උපෙදස් අනුව මෙම ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය මහජනතාව හට නොමිලේ නැරඹිමට අවස්ථාව සලසා ෙදන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාෙග්  ආරාධනයෙන් අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ දි  2019 මාර්තු 02 දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදි.

 ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එස් කේ පතිරණ අතුළු ගුවන් හමුදාවෙි ජේෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලන් මෙන්ම අමිපාර ප‍්‍රදේශවාසි ජනතාවද මෙම විවෘත කිරිමෙි උත්සවය සදහා සහභාගි වියග

ගුවන් හමුදාවෙි කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සමිපත් ප‍්‍රදර්ශනය කිරිම මෙන්ම මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හිදි හා ස්වාභාවික ව්‍යසනයන්හිදි ගුවන් හමුදාව ක‍්‍රීයාකර ඇති ආකාරය හා එම සේවාවන් අන්තර් ජාතික වශයෙන් සිදු කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරිම සිදුකරන ලදී.

ප‍්‍රදර්ශනය හා සැණකෙළිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනමි පැරිෂුටි සංදර්ශනල රෙජිමෙින්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිමි සටන් සංදර්ශනල ගුවන් සුනඛ සංදර්ශනල තූර්ය වාදන සංදර්ශනල සරඹ සංදර්ශනල අතුළු සංස්කෘතික හා සංගිතමය වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදීග මෙම සංදර්ශනය සහ සැණකෙළිය දිනපතා පස්වරු 0200 ට ආරමිභ කරන අතර රාත‍්‍රි 1200 දක්වා පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි