ශි‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 07 හා අංක 08 බලඝනයන් ජනාධිපති වර්ණයන්ගෙන් පිදුමි ලබයි
2:09pm on Thursday 21st March 2019
ශ‍්‍රි ලංකීය නිල් අහස් තලය 68 වසරක් පුරා සුරක්ෂිත කරා වු ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සුරකිමු ලකඹර තේමා පාඨය පෙරදැරිව අතිතයේ මෙන්ම වර්ථමානයේදි හා අනාගතයේදි තම වගකිම නිරතුරු ඉටුකරමින් දේශයේ ආරක්ෂාව මෙන්ම ලක් වැසියන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කිරිම වෙනුවෙන් නිරතුරු කැපවි සිදුකරන ලද අමිලවු මෙහෙවර ඇගයිම වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින්   2019 මාර්තු 02 දින ජනාධිපති වර්ණ ගුවන් හමුදා අංක 07 හා අංක 08 බලඝනයන්  වෙත ප‍්‍රධානය කරන ලදි.
 
යමිකිසි රටක සන්නද්ධ හමුදාවක් වර්ණයන්ගෙන් පිදුමි ලැබිම යනු  එරටෙහි සංවර්ධනය කීර්තිය නිදහස උදෙසා සන්නද්ධ හමුදාවක් කරන්නාවු අපිරිමිත කැපකිරීමි මහත්සේ ඇගයීමකට ලක්කරමින් රාජ්‍ය නායකයෙක් තම හමුදාවන් වෙත ලබාදෙන්නාවු සුවිශේෂි සම්මානය ජනාධිපති වර්ණයක් ලෙස හදුන්වා දෙනු ලැබේ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි ජනාධිපති වර්ණ ඉතිහාසය තුල 1976 දි ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ප‍්‍රථම ජනාධිපති වර්ණය හිමි වු අතර  වර්ෂ 2001 දී  ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට වසර 50 සැපිරීම හා වර්ණ ලබා වසර 25 ක් සැපිරීම නිමිත්තෙන් නැවත එම වර්ණ යාවත් කාලීන කරන ලදි ඉන් අනතුරුව වර්ෂ 2009 දී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති පංච වර්ණයෙන් පිදුමි ලැබු අතර එම වර්ණ පිලිවෙලින් අංක 02 ප‍්‍රවාහන බලඝණය අංක 04 හෙලිකොප්ටර් බලඝණය අංක 09 ප‍්‍රහාරක  හෙලිකොප්ටර් බලඝණය අංක 10 ජෙටි යානා බලඝණය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රෙජිෙමින්තුව විසින් හිමි කරගනු ලැබිය  ඉන් වසර 09ට පසුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල ජනාධිපති වර්ණයෙන් පිදුමි ලැබිම සිදුකරන ලදී.

 1994 වර්ශයේදී ස්කොඩ‍්‍රන් ලීඩර් නිළය හෙබවූ වර්තමාන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ නායකත්වයෙන් කටුනායකදී පිහිටුවනු ලැබූ අංක 04 හෙලිකොප්ටර් බලඝනය පසුව හිඟුරක්ගොඩ කඳවුරෙහි ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදී. පසුව 1996 වර්ශයේදී එය අංක 07 බලඝනය ලෙස නම්කරන ලදී. මෙම බලඝනය බෙල් 206 ජෙට් රේන්ජර් වර්ගයේ හෙලිකොප්ටර් 05 කින්ද බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් 10 කින්ද ගුවන් නියමුවන් 09 දෙනෙකුගෙන් හා ගුවන් අවිකරුවන් 07 කින්ද සමන්විත වන අතර පසුගිය මානුශිය මෙහෙයුම් කාලවකවානුව තුල රට වෙනුවෙන් අනූපමය සේවාවක් සිදුකරන ලදී.

1986 ව්ර්ශයේ චීනයෙන් ආනායනය කරන ලද වයි 12 වර්ගයේ ගුවන් යානා 09 කින් සමන්විත මෙම බලඝනය 1996 වර්ශයේදී නැවතත් රත්මලාන කඳවුරෙහි ස්ථාපිත කරන ලදී. මෙම බලඝනය මගින් පසුගිය මානුශිය මෙහෙයුම් සමයේ තුවාලකරුවන් ප‍්‍රවාහන කා්රයට උපකාරිවූ අතර මේ දක්වා සාර්තක මෙහෙයුම් 50000 පමණ සාර්ථකව සිදුකරන ලද අතර පියාසර පැය 105522 පමණ ආවර්ණය කොට ඇත.
 
 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 07 හා අංක 08 බලඝනයන්  වෙත පිරිනැමුන  ජනාධිපති වර්ණ ධජය ජනාධිපති තුමන් විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා හට පිරිනමන ලද අතර අනතුරුව අංක 07 බලඝනෙය් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් සමීර ගුණවර්ධන හා අංක 08 බලඝනෙය් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් සුදිල් ගමගේ වෙත පිළිගන්වනු ලැබීය. වර්ණ පෙළපාලියේ අණ දෙන්නා ලෙස හිඟුරක්ගොඩ මූලික කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් බන්දු එදිරිසිංහ කටයුතු කරනු ලැබු අතර අතර මෙම අභිමානවත් අවස්ථාව සදහා ගරු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජයගුණරත්න යුද්ධ හමුදාධිපති ලෙෆ්ටිනන් ජෙනරාල් මහේෂ් සේනානායකල ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩළය ඇතුළු ති‍්‍රවිධ හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් විශාල පිරිසක් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි