ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දින
3:16pm on Thursday 21st March 2019
ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැනකෙළිය දෙවන දිනටත් සාර්ථකව ආරම්භ කරනු ලැබීය. මෙම ප‍්‍රදර්ශණය හා සැනකෙළිය සුපුරුදු පරිදි ප.ව 02.00 සිට රාත‍්‍රී 10.00 දක්වා ගාස්තුවකින් තොරව මහජනතාවට නැරඹීමේ අවස්ථාව හිමිවිය.

පළමු දින (2019 මාර්තු මස 03) ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය නැරඹිමට දරුවන් සහ වැඩිහිටියන් භේදයකින් තොරව ප‍්‍රදර්ශනය  විශාල පිරිසක් එක් වූහ.

ප‍්‍රථම දිනයේ 39500 කට අධික ජනතාවක් සහභාගී වූ අතර දෙවන දිනයේදීද 50000 කට අධික  ජනකායක් ප‍්‍රදර්ශනය සහ සැණකෙලිය නැරඹීමට එක්වූහ. රාත‍්‍රී සංගීත ප‍්‍රසංගය පර්පල් රෙන්ජ්  සංගීත කන්ඩායම් සංගීතයෙන් වර්ණවත් වූ අතර ගුවන් හමුදා නර්තන කන්ඩායම නර්තනයෙන් දායක විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා  ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්  ඇතතුළු නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම ප‍්‍රදර්ශණය මාර්තු මස 06 දින අවසන් වන අතර එදිනට ෆෑලැෂ් බෑග් සංගීත කණ්ඩායම් සංගීතයට ගුවන් හමුදා නර්තන කණ්ඩායම හා දිවයිනේ දක්ෂ ගායක ගායිකාවන් රැසක් වේදිකාව වර්ණවත් කරණු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි