කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් ප්‍රජා සත්කාරක සේවා ව්‍යාපෘතියක්
3:30pm on Thursday 21st March 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් නාහින්න ප්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකරන ලද සනීපාරක්ෂක පද්ධතිය සිසු අයිතියට පත්කිරීම කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ඊඒඑම්පී බාලසූරියගේ ප්‍රධානත්වයෙන් 2019 මාර්තු මස 6 වන දින සිදුකරන ලදී.

මීට අමතරව, කටුකුරුන්ද ගුවන් හමුදා කදවුර මගින් විවිධ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් රැසක් කළුතර ප්‍රදේශය පුරා කියාත්මක කරන ලදී.

ගලපාත සුඛිත ළමා නිවාසයේ තාප්පය අළුත්වැඩියාව සහ නව ගේට්ටුවක් සෑදීම.
අගුරුවාතොට දෙල්ගොඩ විහාරය අළුත්වැඩියා කිරීම
තපෝලවනය විහාරස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පැවැත්වීම

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි