ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීම - දෙවන මෙහෙයුම
3:34pm on Thursday 21st March 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 2019 මාර්තු 6 සහ 7 යන දෙදින තුළදී පවත්වන ලදී. මෙම මෙහෙයුම නොකඩවා දෙවන වතාවට සිදුකරන ලද අතර 2018 වසරේදී මෙහි පළමු මෙහෙයුම දියත් කරන ලදී. මෙම ක්‍රියාදාමය මගින් ශ්‍රීපාදස්ථානයට පැමිණෙන බැතිමතුන් විසින් අවට පරිසරයට මුදා හරිනු ලබන ප්ලාස්ටික් පොලිතීන් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස්කොට ඉවත් කිරීම සිදුකරන ලදී.

සෑම වසරකම උදුවප් පොහොයෙන් පසු සිරිපා කරැණා සමය ආරම්භ වන අතර දේශීය සහ විදේශීය බැතිමතුන් දහස් ගණනක් මෙම කාලසීමාව තුළදී සිරිපා වන්දනාව සදහා පැමිණේ. මෙම සියළුම බැතිමතුන් විශාල වශයෙන් කසල ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනු ලබන අතර එමගින් පරිසරයේ අලංකාරයට මෙන්ම ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි පමුණුවයි.

මෙම පිරිසිදු කිරීමේ මෙහෙයුම සදහා සහභාගී වූ පිරිස මාවුස්සාකැලේ සමන් දේවාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගන්නා ලදී.

පිරිසිදු කිරීමේ කාර්යය නල්ලතන්නිය සිට ආරම්භ කරන ලද අතර එතැන් සිට ශ්‍රීපාද උඩමළුව දක්වා පිරිසිදු කිරීමේ කටයුත්ත සිදු කරන ලදී. එසේම රත්නපුර කුරුවිට මාර්ගය ඔස්සේද තවත් ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් විසින් පිරිසිදු කිරීමේ කාර්යය සිදු කරන ලදී. මෙම මෙහෙයුම සදහා කොළඹ ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරැණ ගුණවර්ධන විසින් අණදෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි