ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වෙනි සංවත්සරය අභිමානයෙන් සමරයි
3:43pm on Thursday 21st March 2019
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වෙනි සංවත්සරය 2019 මාර්තු මස 8 වන දින සියළුම ගුවන් හමුදා කදවුරු සහ ඒකකයන් සමග නිළ වශයෙන් සමරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සංවත්සර දින පෙළපාළිය නිරීක්ෂණය කරන ලද අතර අනතුරුව ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේ සිට ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් අමතන ලදී. මෙය ගුවන් හමුදා සියළුම කදවුරු සහ ඒකකයන්හි සජීවීව විකාශය කරන ලදී. මෙහිදී ගුවන් හමුදාධපතිතුමන් සියළුම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට සිය කෘතඥතාවය පළකර සිටින  ලදී. ගුවන් හමුදාව විසින් පසුගිය වසරේ විශේෂයෙන්ම ගුවන් මගින් වන වගාව සිදු කිරීම සහ ගුවන් මගින් වර්ෂාපතිනය ඇතිකිරීම යන ව්‍යාපෘතීන් ඇතුළුව විවිධ කර්තව්‍යයන් රාශියකට තම දායකත්වය සපයන ලද බවත්  එය ගුවන් හමුදාවේ සාමාජික සාමාජිකාවන් හට ඉමහත් ආඩම්බරයක් ගෙන දෙන කාරණයක් බවත් ප්‍රකාශ කරන ලදී. එසේම ගුවන් හමුදාව සේවා සහ සිවිල් පුද්ගලයින්ගේ මෙන්ම විශ්‍රාමික සේවා පුද්ගලයන්ගේද සුභ සාධනයට වැඩ කටයුතු රාශියක් සිදුකරනු ලබන බවත ප්‍රකාශ කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදා ධජ සදහා ආශිර්වාද කිරීමේ අවස්ථාවටද සහභාගී විය. ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මෙම ආශිර්වාද වැඩසටහන ගුවන් හමුදාව විසින් පළමු වතාවට සංවිධානය කරන ලදී. අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝනායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙහි මුලසුන හොබවන ලද අතර ගුවන් හමුදාවේ සියළුම කදවුරු සහ ඒකකයන්හි ධජ වෙත ආශිර්වාද කිරීම මෙහිදී සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් කොළඹ ගුවන් හමුදා කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවතිම සංවත්සර දින සැමරැම් වැඩසටහන සදහා සහභාගී විය. මෙම වැඩසටහන ගුවන් හමුදා කදුවුරැ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතුව සංවිධානය කොට තිබිණි. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි