ආරක්ෂක සේවා විද්‍යාලයේ ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
11:23am on Thursday 28th March 2019
2019 මාර්තු මස 12 වන දින කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩා පිටියේදී පවත්වන ලද ආරක්ෂක සේවා විද්‍යාලීය ක‍්‍රීඩා තරඟාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය.

මෙහිදී උත්සවය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබුවේ විදුහලේ විදුහල්පති තුමන් වන ධම්මික ජයනෙත්ති මහතා විසින් වන අතර සිසු දරුවන් විසින් පවත්වනු ලැබූ දර්ශනීය පෙරහැරකින් ගුවන් හමුදාධිපති තුමන් කී‍්‍රඩා ගාරයවෙත කැදවාගන යනු ලැබීය.

උත්සවය අමතමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් විෂය දැනුම මෙන්ම කි‍්‍රඩාව සමබරව කිරීමෙි වැදගත්කම පිළිබදව අවධාරණය කල අතර එම පාසැල් දරු දැරියන් ඉදිරියේදී රටේ අනාගතය බාර ගන්නා බවද සදහන් කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් කොමඩෝර් පී ඩී ඒ මාරිස්ටෙලා මහත්මියද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි