ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය අවසන් මහා තරඟයට ගුවන් හමුදාව
8:51pm on Thursday 4th April 2019
ඩයලොග් රග්බි ක්ලිෆර්ඩ් කුසලානය අවසන් මහා තරඟයට මෙවර ගුවන් හමුදාව හා හැවුලොක් කණ්ඩායම සුදුසුකම් ලැබීය.

ගුවන් හමුදා රග්බි ඉතිහාසයේ 1986 වසරින් පසු  ප‍්‍රධාන රගර් තරඟාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට මේ වසරේ සමත් විය. 1986 වසරේ ලක්ෂ්මන් කල්දේරාගේ නායකත්වයෙන් සන්නද්ධ වු ගුවන් හමුදා කන්ඩායම පොලිස් කන්ඩායම සමග තරඟවැදිනි. මෙම වසරේදී නැවතත් පොලීසිය හා ගුවන් හමුදාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එහිදී 32 ට 23 ලෙස ගුවන් හමුදාව පරාජය කරන ලදී.

වසර 33 කට පසු අවසන් මහා තරඟයක් සදහා සුදුසුකම් ලැබූ ගුවන් හමුදා කණ්ඩායම අවාසනාවන්ත ලෙස 40 ට 21 ලෙස පරාජයට පත්විය. තරඟයයේ ප‍්‍රථම අර්ධයේදී ලකුණු 21 ට 14 ලෙස පැවති අතර ගුවන් හමුදාවේ අංක 15 චරිත් සෙනෙවිරත්න විසින් ආරම්භක පාපහරකින් තරඟය ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන් ඇතුළු නිළධාරීන් හා සිසු නිළයන් විශාල පිරිසක් තරඟය නැරඹීමට එක්ව සිටියහ. 
  




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි