ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් පුහුණුවන්නන් මව්පිය දිනය සමරයි
6:55pm on Monday 15th April 2019
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 167 නිත්‍ය ගුවන් භට, අංක 130 ස්වේච්ඡුා ගුවන් භට, අංක 37 නිත්‍ය ගුවන් කාන්තා සහ අංක 13 ස්වේච්ඡුා ගුවන් කාන්තා පාඨමාලාවන් හදාරන ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් ඔවුන්ගේ ඉංග‍්‍රිසි සහ දෙමළ භාෂා පුහුණුව අවසානයේ මව්පිය දින සැමරුම් උත්සවයක් 2019  මාර්තු මස 31 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.

පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර නිළධාරීන්, උපදේශකවරුන් සහ සියළුම පුහුණුවන්නන්ගේ දෙමව්පියන් මෙම අවස්ථාවට සහභෘගී වූහ. මෙම උත්සවය නාට්‍ය, සංගීත සහ නර්තන වැඩසටහන් වලින් සමන්විතව පැවැත්විණි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි