මියගිය ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා කෝප‍්‍රල් ජයතිලකගේ පවුලට නව නිවසක්
7:13pm on Monday 15th April 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ මියගිය කෝප‍්‍රල් ජයතිලක කේකේඑම්ආර්එම් යන අයගේ පවුල වෙත අළුතින් ඉදිකරන ලද නව නිවසක් ප‍්‍රදානය කිරීම 2019 අපේ‍්‍රල් මස 08 වන දින ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කෝප‍්‍රල් ජයතිලක 2017 මැයි මස 22 වන දින නයාරු යුධ හමුදා පුහුණු පාසලේ සටන් කිමිදුම් පාඨමාලව හදාරන අතරතුරදී මියගියේය.

මෙම නිවස ඉදිකිරීම සඳහා ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂකය මගින් අරමුදල් සම්පාදනය කරන ලද අතර මොරවැව ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී සහ රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නන්දක කුමාරගේ මගපෙන්වීම යටතේ රෙජිමේන්තු විශේෂ බලකා සාමාජිකයින් විිසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි