ගුවන් හමුදා හොකී කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක
4:13pm on Tuesday 23rd April 2019
ඉන්දීය ගුවන් හමුදාව මගින් 2019 අපේ‍්‍රල් මස 16 වන දින සිට 2109 අපේ‍්‍රල් මස 22 වන දින දක්වා ඉන්දීයාවේදී පවත්වනු ලබන දෙවන මාර්ෂල් ආර්ජාං සිං අනුස්මරණ තරගාවලිය සදහා 20 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායම මේ වන විට සහභාගී වී සිටියි.

ශ‍්‍රී ලංකා හොකී සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් එච් ඒ එන් එන් ඇටිපොළ මහතා කණ්ඩායමේ ප‍්‍රධානීයා ලෙස කටයුතු කරයි. දිවයිනේ ප‍්‍රධානම හොකී කණ්ඩායමක් වන ගුවන් හමුදා හොකී කණ්ඩායම ශ‍්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම  නියෝජනය කරන ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සමන්විත වේ.  

ඉන්දීය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවන් අතර අන්යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය සදහා වාර්ෂිකව මෙම තරගාවලිය පවත්වනු ලැබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි