ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැළ ලක්ෂයක් සිටුවයි..
5:24pm on Monday 15th November 2010
දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබු "දැයට සෙවණ" රුක් රෝපණ වැඩසටහනට සමගාමීව, ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද උදැසන 10.07 යෙදී තිබුණු සුභ මොහොතින් පැළ ලක්ෂයක් රෝපණය කරන ලදී.

ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකල ගුවන් හමුදා කඳවුරේදී මෙහි ප්‍රධාන වැඩසටහන ක්‍රියාත්මක වු අතර, එහිදී ගරු අමාත්‍යතුමා ඒකල ගුවන් හමුදා කඳවුරේ වෘත්තිය පුහුණු පාසලට ප්‍රවිෂ්ඨ වීමේ මාර්ගය අසල සුභ මොහොතින් නා පැළයක් රෝපණය කරන ලදී.

ඒකල කඳවුරු භුමියතුල පැළ තුන්දහසක් සිටුවන ලද අතර ගුවන් හමුදා මුලස්ථානය ඇතුළුව අනෙකුත් සියළු මුලික කඳවුරු, කඳවුරු සහ ඒකකයන් යෙදී තිබු සුභ මොහොතින් පැළ රෝපණය කර උපරිම දායකත්වය ලබා දෙන ලදී. 
 




ගුවන් හමුදා මුලස්ථානය



ගුවන් හමුදා කඳවුර රත්මලාන



ගුවන් හමුදා කඳවුර අනුරාධපුර



ගුවන් හමුදා කඳවුර චින වාරය



ගුවන් හමුදා කඳවුර මිරිගම



ගුවන් හමුදා කඳවුර කටුනායක



ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොළ



ගුවන් හමුදා කඳවුර දියතාලාව



ගුවන් හමුදා කදවුර පලාලි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි