යාපනය කුප්පිලන් විග්නේෂ්වර මහා විද්‍යාලය සදහා නව දෙමහල් ගෙඩනැගිල්ලක්
10:34am on Monday 10th June 2019
යාපනය කුප්පිලන් විග්නේෂ්වර මහා විද්‍යාලය සදහා නව දෙමහල් ගෙඩනැගිල්ලක් ගුවන් හමුදාවේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකරණ ලදී. සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍යාධාර සපයනු ලැබීය.

2018 නොවැම්බර් මස 12 වන දින මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන ලද අතර සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 ජූනි මස 02 වන දින නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරිමේ අවස්තාව උත්සවාකාරයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට ගුවන් හමුදා නිළධාරීන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි