ලේසර් රන් තරඟාවළයේදී ගුවන් හමුදා ක‍්‍රීඩකයින්ගෙන් ඉහල දක්‍ෂතා
11:28am on Thursday 13th June 2019
ශ‍්‍රී ලංකා නවීන පංචප‍්‍රයාම සම්මේලනය මගින් සංවිධානය කරන ලද 2019 ලේසර් රන් තරඟාවළිය 2019 ජූනි මස 8 සහ 9 යන දෙදින පුරා බණ්ඩාරගම ක‍්‍රිඩා සංකීර්ණයේදී පැවැත්විණි. මෙම තරඟාවළිය මෙම මස අවසානයේ කසකස්ථානයේදී පැවැත්වීමට නියමිත ආසියානු පංචප‍්‍රයාම තරඟාවළිය සඳහා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනීමේ තරඟාවළියක් ලෙස සංවීධානය කොට තිබිණි.

මෙහිදී ගුවන් හමුදාවේ කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස් පිරිමි තරඟයේ ශූරතාවය දිනාගනු ලැබූ අතර නායක ගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ විසින් කාන්තා තරඟයේ ශූරතාවය දිනාගන්නා ලදී. ඊට අමතරව නායක ගුවන් කාන්තා හේමමාලි ඒකේපීඑච්කේ කාන්තා තරඟගේ තුන්වන ස්ථානය දිනා ගැනීමට සමත්වූවාය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි