ජපානයෙන් ගුවන් හමුදාවට ගිනි නිවන රථ තුනක් හා ගිලන්රථයක් ප‍්‍රදානය කෙරේ
11:42am on Thursday 13th June 2019
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ තුනක් හා ගිලන්රථයක් ප‍්‍රදානය කිරීම 2019 ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී. මෙහිදී ප‍්‍රදානය කරනු ලබන රථයන්හි ලියකියවිලි ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට ජපන් නියෝජිත පිරිසේ ප‍්‍රධානි එරංගා තිළකරත්න මහත්මිය හා හයිටෙක්ස් නිෂ්පාදන ආයතනයේ සභාපති ගෝටෝ හයිදෙකි මහතා  විසින් භාරදීම සිදු කරන ලදී.


පොලොන්නරුව පුහුල්ගස්දමන මහා විද්‍යාලයේ ආර්ජී ශානිකා මධුවන්ති හා වැලිමඩ විජය විද්‍යාලයේ එච්ඒ අර්ෂනා නවෝදි සිසුවියන් දෙපල හට ශිෂ්‍යත්වයක් ප‍්‍රධානය කිරීමද මෙහිදී සිදුකෙරුනු අතර සංචාරක ජපාන නියෝජිත පිරිස විසින් ඇස් කණ්නාඩි 200 ක්  සේවා වනිතා ඒකකෙය් සභාපතිනිය වන ප‍්‍රභාවි ඩයස් මහත්මිය වෙත ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී ජපන් දුත පිරිස වෙනුවෙන් ඉතා අලංකාරවත් සංස්කෘතික සංදර්ශනයක් පැවත්වන ලදී.ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලයල  නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි