ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
11:48am on Thursday 13th June 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පසුගිය ජූනි මස 12 වන දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ‍්‍රාමික) මහතා හමුවිය.

මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

මෙහිදී ආරක්ෂක ලේකම් තුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි