ධූරයෙන් විශ‍්‍රාම යන ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
11:23am on Tuesday 25th June 2019
ධූරයෙන් විශ‍්‍රාම යන ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් මහතා 2019 ජූනි මස 19 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.

මෙම හමුව සංකේතවත් කරමින් සමරුඵලක හුවමාරුවක්ද සිදුකරන ලද අතර තම ධුර කාල සීමාව තුළ සිය රාජකාරිය ඉටුකිරීම පිණිස සහයෝගය ලබා දීම සම්බන්ධව ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හට සිය ස්්තුතිය පුදකර සිටියේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි