අංක 1 පරිපාලන සහ කළමනාකරණ කාර්යසාධන සංවර්ධන පුහුණු සැසියේ දෙවන අදියර නිමාවෙයි
8:11am on Thursday 27th June 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු සහ ඒකකයන්හි අණදෙන නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන පරිපාලන සහ කළමනාකරණ සංවර්ධන පුහුණු සැසියේ දෙවන අදියර 2019 ජූනි මස 19 වන දින සිට 2019 ජූනි මස 21 වන දින දක්වා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සාර්ථකව පැවැත්විණි. කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසයේ අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීන් හට ආයතනික පරිසරය හා පරිපාලනමය පරිසය තුලදී මුහුණුපාන්නට වන අභියෝග සහ ගැටළු  ආදිය ට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව එකිනෙකා හා සාකච්ඡා මාර්ගිකව දැනුම් හුවමාරු කරගැනීම මෙම පුහුණු සැසිය පැවැත්වීමේ මූලික අරමුණ විය.

මෙහිදී විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ තමන් මුහුණු දෙන විවධාකාර අභියෝගාත්මක අවස්ථාවන්  හිදී එම අභියෝගයන්ට සාර්ථකව මුහුණු දෙන ආකාරයත් මෙහිදි සාකච්ඡා කරන ලදී.

ගුවන් හමුදාවේ කඳවුරු සහ එකකයන්හි අණදෙන නිළධාරීන් හට මෙම අවස්ථාව තම පරිපාලනමය සහ කළමණාකරණ දැනුම වර්ධනය කරගැනීම සඳහා මහඟු අවස්ථාවක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි