අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී රාජකාරීන් අරඹයි
9:11am on Thursday 27th June 2019
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම්එස්පීබී කුලතුංග විසින් අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඑල් හේවාවිතාරණ හට භාරදීමේ පෙළපාලිය 2019 ජූනි මස 23 වන දින පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී. මෙම අවස්ථාවට කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී වූහ.

මෙම සම්ප‍්‍රදායික පෙළපාලිය සඳහා අණදීම ස්කොඩ්රන් ලීඩර් ඊඑම්එබ් ඒකනායක විසින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි