චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
10:19am on Wednesday 3rd July 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 ජූනි මස 28 වන දින සිදු කරන ලදී. කඳවුරු පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා විසින් අණදුන් ගුවන් හමුදාධිපති පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙවර පරීක්‍ෂණයේදී,

බලපන්ති සැරයන් සුනිමල් එච්ඒඑන් (ගුවන් යානා යන්ත‍්‍ර ශීල්පී)
සැරයන් කුමාර කේකේඩීපීඑන්කේ (ගුවන් යානා සැකිලි ශීල්පී)
සැරයන් එදිරිසිංහ ඊඑම්එල්එස් (ගුවන් රෙදෙවු තාක්‍ෂණ ශීල්පී)
කෝප‍්‍රල් කරුණාරත්න යූඩීඑච්පී (ගුවන් රෙදෙවු තාක්‍ෂණ ශීල්පී)
කෝප‍්‍රල් සම්පත් අයිජීඑච් (ගුවන් යානා යන්ත‍්‍ර ශීල්පී)
කෝප‍්‍රල් වසන්ත කුමාර බීජී (මෙහෙයුම් භූමි)
නායක ගුවන් භට ජයම්පත් කේඑම් (ඉදිකිරීම් යාන්ත‍්‍රික ශිල්පී)
ඩබ්ඩබ්ඒඑස් වීරසිංහ මහතා (ගුවන් හමුදා සිවිල් සේවක)

යන අයවළුන්ට ඔවුන් විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගය, අංක 03 සමුද‍්‍රීය බළඝණය, කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල, අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පුහුණු පාසල සහ අංක 24 රෙජිමේන්තු පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කළේය.  

සම්ප‍්‍රදායිකව පවත්වනු ලබන සියළු නිළයන්ගේ දිවා භෝජනය ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් විද්‍යාපීඨයේ නිළධාරීන්, සෙසුනිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ගුවන්භට භෝජනාගාරයේදී පවත්වන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී. එසේම ගුවන් හමුදා විද්‍යාපීඨය මගින්  සන්නද්ධ හමුදාවක වෘත්තීමය තත්වය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පවත්වාගෙන යාම සහ ඉහල ගුණාත්මක භාවයකින් යුතු ගුවන් යානා නියමුවන් ඇතුළු වෘත්තීමය ගුවන් යානා ශිල්්පීන් බිහිකරමින් ගුවන් හමුදාවේ අනාගතය ඔපවත් කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වන ලබන බවද ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි