ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථයක් සහ ගිනි නිවීම් සහායක මෝටර් රථයක්
10:58am on Wednesday 3rd July 2019
ජපන් ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගිනි නිවාරණ රථයක් සහ ගිනි නිවීමේ සහායක මෝටර් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 ජුලි මස 01 වන දින උදෑසන ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි.

මෙම රථ සංකේතාත්මකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමෙන් අනතුරුව ජනාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත එම අවස්ථාවේ භාර දෙන ලදී.

පසුව මෙම රථ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීමේ උත්සවය ගුවන් හමුදා මුලස්ථානයේදී පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී වූ අතර උධූත කණ්ඩායමේ ප‍්‍රධානී දොස්තර එරංගා තිලකරත්න මහත්මිය සහ සෙකි රොටරි ක්ලබ් හි සභාපති කාටෝ කෝජි මහතා විසින් එතුමන් වෙත එම රථයන්හි යතුරු භාර දීමට කටයුතු කරන ලදි.

මීට අමතරව එම නියෝජිත පිරිස විසින් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ නිපුනි දිල්හාරා කරුණාරත්න ශිෂ්‍යාව, ගාල්ල ශාන්ත ඇලෝසියස් විදයාලයේ දස්සනා තත්සරා ශිෂ්‍යාව සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ සංකල්ප රත්නායක සිසුවා හට විශේෂ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.
මීට අමතරව ඇස් කණ්ණාඩි 200 ප්‍රදානය කිරීමටද කටයුතු කරන ලදි. එම පරිත්‍යාගයන් ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් චාමිනී ගමගේ විසින් භාරගන්නා ලදී. මෙම පරිත්‍යාගයන් මීට පෙරද ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගුවන් හමුදාව වෙත ලබා දී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙමගින් සිදු කර ගැනීමට බලාපොරොත්තු වේ

මෙම පරිත්‍යාගයන් අගයමින් උත්සවය අතරතුර විශේෂ සංස්කෘතික වැඩසටහන් කිහිපයක්ද ඔවුන් හට නැවුම් වු අත්දැකීමක් ලබා දීම සදහා ඉදිරිපත් කරන ලදි.

ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි