පනස්වන ජාතික ජුඩෝ තරගාවළියේ ශුරතාවය ගුවන් හමුදාවට
3:31pm on Friday 19th November 2010
ශ්‍රී ලංකා ජාතික ජුඩෝ සංගම් මුලස්ථානයේ පසුගිය 12 වන දින සිට 14වන දින දක්වා පැවති  පනස්වන ජාතික ජුඩෝ තරගාවළියේ විශිෂ්ඨ දස්කම් දැක්වීමට ගුවන් හමුදා ජුඩෝ සංචිතයට හැකිවිය. මෙහිදී තරගාවළියේ පිරිමි ශුරතාවයත්, කාන්තා අනුශුරතාවත් දිනා ගැනීමට ගුවන් හමුදා ජුඩෝ සංචිතය සමත්විය.  

ජුඩෝ කණ්ඩායම් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් ජාතික ජුඩෝ තරග සඳහා සහභාගී විය. ගුවන් හමුදා පිරිමි ක්‍රීඩකයින් බර කි.ග්‍රැ. 73,කි.ග්‍රැ. 90, කණ්ඩායම් ඉසව්ව සහ විවෘත අංශය යටතේ ශුරතාවයන් හිමිකර ගත් අතර කාන්තා ක්‍රීඩිකාවන් කි.ග්‍රැ.44, කි.ග්‍රැ48,කි.ග්‍රැ.57 සහ කණ්ඩායම් ඉසව්වේ ශුරියන් විය.  

නායක ගුවන් භට පෙරේරා එම් ඒ ජේ ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායමේ නායකත්වය දරමින් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත මෙහෙයවු අතර මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරව හිමි විය යුත්තේ කණ්ඩායම් පුහුණු කරු අමල් පෙරේරා මහතාටය. කණ්ඩායමේ නිසි පුහුණුව කැපකිරීම තුළින් ගුවන් හමුදාවට පනස්වන ජාතික ජුඩෝ තරගාවළියේ ශුරතාවය හිමිවිය.   

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජපනයේ ශ්‍රී ලංකා තනාපති කුමියෝ තකාශි මහතා සහභාගී විය.

පිරිමි අංශය

බරපන්තිය - කි.ග්‍රැ 50
තුන්වන ස්ථානය - ගුවන් භට ගුනපාල අයි.එම්.එන්.එච්

බරපන්තිය - කි.ග්‍රැ 55
දෙවන ස්ථානය - ගුවන් භට හපුආරච්චි ඩී.පී

බරපන්තිය - කි.ග්‍රැ 60
තුන්වන ස්ථානය - ගුවන් භට ජයවර්ධන ටී.ඩ.එන්

බරපන්තිය - කි.ග්‍රැ 66
තුන්වන ස්ථානය - ගුවන් භට ධර්මවර්ධන ආර්.එන්.සී

බරපන්තිය - කි.ග්‍රැ 73
පළමු ස්ථානය - ගුවන් භට ගුණදාස බී.ඒ.පී.සී

බරපන්තිය - කි.ග්‍රැ 81
තුන්වන ස්ථානය - ගුවන් භට ගිහාන් ජී.ඩබ්.කේ.කේ

බරපන්තිය - කි.ග්‍රැ 90
පළමු ස්ථානය - ගුවන් භට වික්‍රමගේ ජේ.එස්.කේ

බරපන්තිය - කි.ග්‍රැ 100
තුන්වන ස්ථානය - ගුවන් භට ජයවර්ධන ඩබ්.ජී.යු.කේ

බරපන්තිය - කි.ග්‍රැ 100 ට වැඩි
දෙවන ස්ථානය - නායක ගුවන් භට පෙරේරා එම්.ඒ.ජේ

කණ්ඩායම් ඉසව්ව

පළමු ස්ථානය

ගුවන් භට ජයවර්දන ටී.ඩබ්.ආර්.එන්
ගුවන් භට ධර්මවර්දන ආර්.එන්.සී
නායක ගුවන් භට වික්‍රමගේ ජේ.එස්.කේ
ගුවන් භට ජයවර්දන ඩබ්.ජී.යු.කේ
නායක ගුවන් භට වික්‍රමගේ ජේ.එස්.කේ
නායක ගුවන් භට පෙරේරා එම්.ඒ.ජේ
ගුවන් භට රත්නායක ආර්.එම්.ඒ

විවෘත තරගය

පළමු ස්ථානය
නායක ගුවන් භට වික්‍රමගේ ජේ.එස්.කේ

කාන්තා අංශය

බරපන්තිය - කි.ග්‍රැ 44
පළමු ස්ථානය - ගුවන් කාන්තා සඳමාලි එම්.පී

බරපන්තිය - කි.ග්‍රැ 48
පළමු ස්ථානය - ගුවන් කාන්තා විජේරත්න ඩී.ජී.සී.පී

බරපන්තිය - කි.ග්‍රැ 52
දෙවන ස්ථානය - ගුවන් කාන්තා බන්ඩාර බී.ජී,සී

බරපන්තිය - කි.ග්‍රැ 57
පළමු ස්ථානය - ගුවන් කාන්තා බන්ඩාර බී.ජී.සී

බරපන්තිය - කි.ග්‍රැ 63
තුන්වන ස්ථානය - ගුවන් කාන්තා විජේරත්න ඩී.වයි.එල්

කණ්ඩායම් තරගය

පළමු ස්ථානය

ගුවන් කාන්තා සඳමාලි එම්.පී
ගුවන් කාන්තා විජේරත්න ඩී.ජී.සී.පී
ගුවන් කාන්තා බන්ඩාර බී.ජී.සී
ගුවන් කාන්තා බන්ඩාර බී.ජී.එස්
ගුවන් කාන්තා සීදේවි ඩබ්
ගුවන් කාන්තා ෆොන්සේකා එම්

විවෘත අංශය

දෙවන ස්ථානය
ගුවන් කාන්තා විජේරත්න ඩී.ජී.සී.පී





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි