විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පවත්වයි
12:38pm on Wednesday 10th July 2019
''ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දුෂණය වළකමු'' යන තේමාව යටතේ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය මෙහෙයවනු ලැබූ වැඩසටහනක් 2019 ජූලි මස 05 වන දින ඒකළ ගුවන් හමුදා කදවුරේදි පවත්වන ලදී.ශ‍්‍රී ලංකා උසස් විද්‍යා සංගමය සහ විධායක තත්ව නීර්ණ නිරීක්ෂණ අංශය සමග එක්ව මෙම වැඩසටහන පවත්වන ලදී.

මේ අවස්ථාවට සහභාගි වු සම්පත් දායකයින්
01.තිළිණි ගුණසේකර
02.ශාන්තා එගෙඩගේ
03.මධුෂාණි මද්දුමආරචිචි
04.රන්දිකා ජයසිංහ

සියලුම ගුවන් හමුදා කදවුරු වල අප ද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති භාරව කටයුතු කරන  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් මෙම අවශ්ථාවට සහභාගි වු අතර සහභාගි වුවන්ට ඉතා වැදගත් තොරතුරු රුසක් මෙහිදී ලබා ගැනීමට හැකිවිය.ප්ලාස්ටික් භාවිතය සහ ඒවා ඵලදායි ලෙස බැහැර කළ යුතු ආකාරය පිළිබදව දැනුමක් ලබා ගැනීමට ඔවුන්ට හැකිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි