ගුවන් හමුදා රණවිරු අනුස්මරණ උත්සවය 2019
10:29am on Friday 19th July 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් විරු සැමරුම් උළෙල ඒකල ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියසදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 ජූලි මස 12 වන දින පස්වරුවේ පැවැත්විණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සහ සෙසු නිළයන්ද ඇතුලූ පිරිසක් ගුවන් හමුදා රණවිරු ස්මාරකයේ පැවති උත්සවයට සහභාගී විය.

ප‍්‍රථමයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පළමු මල් වඩම තැන්පත් කරන ලදී. අනතුරුව පිලිවෙලින් ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදාධිපති එයාර් චීප් මාර්ෂල් වෝල්ටර් ප්‍රනාන්දු,මාණ්ඩලික ප්‍රධානී,ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් හා අනෙකුත් සියලූ නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් හා දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන්ගේ පවුල් වල සාමාජිකයින් ඊට සහභාගී වෙමින් ගුවන් හමුදා රණවිරු ස්මාරකය අභියස මල් වඩම් තැන්පත් කරන ලදී.

මෙම සැමරුම් උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රීක පිරිත් සජ්ජායනයද පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි