ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශේෂ පරිත්‍යාගයන් රැසක්
8:44am on Friday 2nd August 2019
ජපන් ශ්‍රී  ලංකා මිත්‍රත්ව සංගමය විසින් විශේෂ පරිත්‍යාගයන් රැසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවයක් 2019 ජුලි මස 22 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

සම්ප‍්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ගුවන් හමුදා නර්තන කණ්ඩායම විසින් පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කරන ලදී. අනතුරුව, ගුවන් හමුදා ප‍්‍රදාන ගිනි නිවීමේ නිළධාරී විංග් කමාන්ඩර් චන්දන රත්නායක විසින් ජපාන ධූත පිරිස පිළිගනිමින් පිළිගැනීමේ කථාව සිදුකරන ලදී.

වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ උසස් පෙළ හදාරන සිසු දරුදැරියන් තිදෙනෙකු හට ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම සිදු කරන ලදී. එහිදී වකිටා ෆුමියෝ මහත්මිය විසින් පළමු ශිෂ්‍යත්ව ද්විත්වය ජනිත් චානුක හේෂාන් සහ පවනි මදූෂා යන දරු දැරියන් හට ප‍්‍රදානය කරන ලද අතර වකිදා අකිකෝ මහත්මිය, තවාඩා හිරෝකෝ මහත්මිය සහ කොමාසේ නොරිකෝ මහත්මිය විසින් තුන්වන ශිස්‍යත්වය ලක්‍ෂානි විජේසිංහ හිෂ්‍යාව හට ප‍්‍රදානය කරන ලදී. වකාටා ෆුමියෝ මහත්මිය විසින් ඇස් කණ්නාඩි 200 ක් සහ පැන්සල් පෙට්ටි තොගයක් ගුවන් හමුදා සේවා වනිතා එකකය වෙත ප‍්‍රදානය කිරීමද මෙහිදී සිදු කරන ලදී. එම භාණ්ඩ සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් පියුමි ජයසුන්දර විසින් භාරගන්නා ලදී.

හිෂිමා ටයිකෝ ගෲප් ආයතනයේ ටෝජි මහතා සහ මහත්මිය විසින් ගුවන් හමුදාව වෙත ගිනි නිවීමේ උපකරණ තොගයක් ප‍්‍රදානය කිරීම සිදු කරන ලද අතර එම පරිත්‍යාගයන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් භාරගන්නා ලදී. අනතුරුව දොස්තර ලාල් තිලකරත්න මහතා කොමාසේ නොරිකෝ මහත්මිය සමගින් එක්ව ගුවන් හමුදාව වෙත ගෝල්ෆ් උපකරණ ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී. මෙම උපකරණ ගුවන් හමුදාධිපතිතුමන් සමග එක්ව ගුවන් හමුදා ගොල්ෆ් සංචිතයේ සභාපති සහ ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් භාරගන්නා ලදී.

මෙම පරිත්‍යාගයන් අගයමින් උත්සවය අතරතුර විශේෂ සංස්කෘතික වැඩසටහන් කිහිපයක්ද ඔවුන් හට නැවුම් වු අත්දැකීමක් ලබා දීම සදහා ඉදිරිපත් කරන ලදි. එසේම පැමිණි ජපන් ධුත පිරිස වෙත සමරු තිළිණ ප‍්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි