නව ගුවන් හමුදාධිපතිතුමන්ට නාලන්දා විද්‍යාලයෙන් උපහාර
3:30pm on Friday 2nd August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිනව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට උපහාර පිදීමේ උත්සවයක් එතුමාගේ පාසල වූ කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් නොකඩවා බිහිවු තෙවන ගුවන් හමුදාධිපති ලෙස නාලන්දා විද්‍යාලිය ඉතිහාසයට එක්වන වත්මන් ගුවන් හමුදාධිපති තුමන් නාලන්දා විද්‍යාලීය විදුහල්පති තිලක් වත්තුහේවා මහතා විසින් පිළිගත් අතර ශිෂ්‍ය භට බලකා කණ්ඩායම විසින් ගුවන් හමදාධිපතිතුමන් වෙත උත්තමාචාර පෙළපාලියක් ද පැවැත්විය. අනතුරුව විද්‍යාලීය තූර්්‍ය වාදක කණ්ඩායම විසින් එතුමන් පිළිගැනීම සිදුවිය.

මෙම උත්සව අවස්ථාව අමතමින් ගුවන් හමුදාපතිතුමන් විසින් ප‍්‍රකාශ කර සිටියේ තම සාර්ථකත්වය පිටුපස ඇති ප‍්‍රධානතම සාධකය නාලන්ද විද්‍යාලයෙන් ලද ශක්තිමත් මූලික අඩිතාලම බවයි. නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් මෙවැනි තනතුරක් ලබා ගැනීම වෙනුවෙන් මෙම උත්සවයේදී ගුවන් හමුදාධිපතිතුමන් හට විද්‍යාලීය විදුහල්පතිතුමන් විසින් සමරු තිළිණයක් ප‍්‍රධානය කල අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින්ද විදුහල්පතිතුමන් වෙත සමරු තිළිණයක්ද ප‍්‍රධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි