ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීමට රටපුරා දන්ත සායන රැසක්
10:54am on Saturday 20th November 2010
ගුවන් හමුදා දන්ත සේවා අධ්‍යක්ෂක කාර්යාලය විසින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් මුඛ සෞඛ්‍ය පිළිපදව මහජනතාව දැනුවත් කිරීමේ පුළුල් වඩසටහන් මාලාවක් පසුගිය දින කීපය තුල දී දියත් කරන ලදී.

1994 වසරේදී ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සංගමය මගින් නම් කරන ලැබීමෙන් අනතුරුව සැම වසරකම ඔක්තෝම්බර් මස 31 දිනට ලෝක මුඛ සෞඛ්‍ය දිනය යෙදී ඇත.

මහජනතාව හා විශේෂයෙන්ම පාසල් ළමුන් මූලික කරගනිමින් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සති 03 කාලයක් පුරා ගුවන් හමුදා කදවුරු 08 තුලදී සිදුකරනු ලැබූ අතර, මුඛ සෞඛ්‍ය පිළිබදව බාහිර ක්‍රියාකාරකම් වලින් හා දේශන මගින් මනා අවබෝදයක් ලබා දීමට සමත් විය.

ලෝක මුඛ සෞඛ්‍ය පිළිබදව අධ්‍යාපනික දේශන රැසක් හා ඊට සමගාමීව පෝස්ටර් චිත්‍ර තරගයක් කටුනායක ගුවන් හමුදා කදවුරේදී පැවැත් වූ අතර , පෙර පාසල් දරුවන් වෙනුවෙන් නොමිලේ දන්ත සායනයක්ද මෙහිදී පවත්වනු ලැබීය.

තවද , මුඛ සෞඛ්‍ය පිළිබදව වැඩසටහන් මාලාවන් මගින් ගුවන් හමුදා කොළඹ හා රත්මලාන කදවුරු වල සේවය කරන සිවිල් හා සේවා පුද්ගලයන් දැනුවත් කෙරෙන අතර එම කදවුරු අවට අන්ද හා බිහිරි පාසල් ලමුන් වෙනුවෙන් විශේෂ දන්ත සායනයක් ද පවැත් වීමට ගුවන් හමුදා දන්ත වෛද්‍ය කණ්ඩායම හා කාර්ය මණ්ඩලය  අමතක නොකලහ.




ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය - චීන වරාය



ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය - කටුනායක



ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය - දියතලාව



ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය - වව්නියාව



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි