ගුවන් හමුදාධිපතිතුමන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ශික පරීක්‍ෂණය සිදුකරයි
4:31pm on Monday 5th August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙහි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2018 අගෝස්තු මස 02 වන දින පවත්වන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධිපතිතුමන් විසින් පෙළපාලිය නිරීක්‍ෂණයට ලක්කරන ලද අතර කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ විසින් පෙළපාලියට අණදෙන ලදී. මෙහිදී ෆ්ලයිට් ලෙෆ්ටිනන් ඩබ්ලිව්එම්එස්කේබී විජයතුංග හට සිය පියාසර ඉංජිනේරු ලාංජනය පිරිනැමීම ගුවන් හමුදාධිපතිතුමන් අතින් සිදු කරන  ලදී.
 බලලත් නිළධාරී බීජීඑන් පේ‍්‍රමජයන්ත, බලපන්ති සැරයන් දසනායක ඩීඑම්යූපී, බලපන්ති සැරයන්අනුරාධ කේඩබ්ලිව්එස්, සැරයන්  ප‍්‍රියන්ත කුමාර ඊඒ,  කෝප‍්‍රල් වීරසිංහ සීඩීසීඑස්, නායක ගුවන්භට ජයවර්ධන ඩබ්ලිව් එම් පී අයි,  නායක ගුවන්භට ගුණරත්න ඒඒඩීපීඑම් හා නායක ගුවන්භට ජයවීර එන් එල් ටී පී යන අයවළූන්  කඳවුර වෙත ඔවුන් දැක්වූ දායකත්වය හා සිදුකරන ලද කැපකිරීම් වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින්  ඇගයීමට ලක්කෙරිණි.

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානයල අංක 06 බලඝණය, අංක33 භූමිගත ගුවන් ආරක්‍ෂණ පක්‍ෂාංගය, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය සහ අංක 21 රෙජිමේන්තු පක්‍ෂාංගය අතුළු කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.

එසේම ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් භට භෝජනාගාරයේ පැවති සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහය වෙනුවෙන්ද සහභාගී විය.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් අංක 06 බලඝනයේදී කඳවුරේ සියලු සාමාජිකයන් අමතන ලද අතර එහිදී 1990 සිලාවතුර යුධහමුදා කඳවුර වෙත එල්ල කල ත‍්‍රස්ත ප‍්‍රහාරය වැලැක්වීමට ගුවනින් කල ප‍්‍රහාරයේදී තමන් හට සිදුවූ අනතුර පිළිබඳව සඳහන් කිරීමට ද අමතක නොකළේය. අනතුරුව එතුමන් විසින්පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සියළු දෙනාට සුභ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි