ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
4:32pm on Monday 5th August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2019 අගෝස්තු මස 02 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රභාවී ඩයස් මහත්මියගේ  ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.  ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකක සභාපතිනියන් සහ ඒකක භාර නිළධාරීන් මේ සඳහා සහභාගී වූහ.

සමුළුවේ වැඩකටයුතු සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායන කිරීමෙන් ආරම්භ කරන ලදී. අනතුරුව සේවා වනිතා ඒකකයේ සභාපතිනී ප්‍රභාවී ඩයස් මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබුවාය. පසුගිය සභා වාර්ථාව ඉදිරිපත් කිරීම සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ‍්‍රන් ලීඩර් පියුමි ජයසුන්දර විසින් සිදු කරන ලදී. භාණ්ඩාගාරික ස්කොඩ්රන් ලීඩර් චමිත් ඉලංගකෝන් විසින් 2018 වසරේ අය වැය වාර්ථාව ඉදිරිපත් කරන ලදී. අනතුරුව කඳවුරු සේවා වනිතා ඒකකයන් මගින් 2018 වසරේ සිදු කරන ලද කාර්යයන් සහ සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි