කොළඔ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ දෙවන ප‍්‍රධාන සැත්කම සිදුකරයි
2:22pm on Thursday 8th August 2019
කොළඔ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂකය තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  කොළඔ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ ශල්‍යාගාරය පිහිටවීමෙන් පසු සිදු කරනු ලැබු දෙවන ප‍්‍රධාන සැත්කම පසුගිය 06 වන දින සිදුකරන ලදි.

ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ කේසී රණතුංග සහ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ එන්එස්ඒ වික‍්‍රමසිංහ යන මහත්වරුන් විසින් මෙහෙයවනු ලැබූ කොළඔ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ හෙද කාර්ය මණ්ඩලයේ කැපවීම හා උනන්දුව හේතුවෙන් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි