කජු වගාව ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහන ඉරණමඩු ගුවන් කඳවුරේදී ඇරඹෙයි
4:56pm on Monday 19th August 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා කජූ සංස්ථාව හා වැවිලි කර්මාන්ත අමාත්‍යන්ශය හා එක්ව සුවිශේෂි නව කටයුක්තක නියැලෙමින් කජු වගාව වැඩි දියුණු කිරිම දේශීය කජු පරිභෝජනය වැඩි කිරීම සහ කජු අපනයනය ප‍්‍රවර්ධනය වැඩි කිරීමේ අරමුණින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු වල කජු නිෂ්පාදනය සදහා යෙමු විය.

ගුවන් හමුදාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ ගරු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය අගෝස්තු මස 10 වන දින 11.30 පැයට මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.වැඩසටහන ආරම්භ කරමින් ඉරණමඩු කදවුරේ අක්කර 4කට වඩා භූමි භාගයක කජු වගා කෙරේ.

කජු සංස්ථාවේ සභාපති දම්සිරි බන්ඩාර දිසානායක මහතා, අණදෙන කෘෂි නිලධාරී ගෲප් කපිතාන් ඕඑන්එස් ප්‍රනාන්දු, ඉරනමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් චමින්ද වික්‍රමරත්න, නිළධාරින් ,ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිලධාරීන් ඉරනමඩු ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි