ගුවන් හමුදාධිපතිතුමන් ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා අනුස්මරණ දේශනය පවත්වයි
4:58pm on Monday 19th August 2019
ත‍්‍රිවිධ හමුදා විශ‍්‍රාමික ජ්‍යේෂ්ඨ නිළධාරීන්ගේ සංගමය මගින් 07 වන වරටත් සංවිධානය කරන ලද ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා වාර්ෂික අනුස්මරණ දේශනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2019 අගෝස්තු මස 11 වන දින ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් ”ජාතික සමගිය තහවුරු කරන අතරම නව තර්ජන මානයන්ට මුහුණදීම සඳහා ආරක්‍ෂක ආයතනවල කාර්යභාරය” යන්න තේමා කරගනිමින් අනුස්මරණ දේශනය පවත්වන ලදී.

ත‍්‍රිවිධ හමුදාධිපතිවරුන්, සේවා සහ විශ‍්‍රාමික ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් විශාල පිරිසක් සහ ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ ඥාතීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

අභාවප‍්‍රාප්ත ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතා ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර එතුමන් 1977 වසරේ සිට 1981 දක්වා අවුරුදු 04ක කාලයක් යුධ හමුදාධිපති ලෙස කටයුතු කර ඇත. අනතුරුව එතුමන්  ඕස්ටේ‍්‍රලියාවේ මහ කොමසාරිස් ලෙස පත් කරනු ලැබීය. පසුව එතුමන් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ කුලපති බවට පත්විය. ජාතියට එතුමන් විසින් කල ප‍්‍රශංසනීය සහ ගෞරවාන්විත සේවය අගයමින් 2000 වසරේදී පැවති ශ‍්‍රී ලංකා රජය විසින් එතුමන් හට දේශමාන්‍ය යන කීර්ති නාමය පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි