අන්තර් ඒකක කැරම් ශූරතාවළිය 2019
4:00pm on Wednesday 21st August 2019
2019 අන්තර් ඒකක කැරම් තරඟාවළිය 2019 අගෝස්තු මස 16 වන දින කොලඹ සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී කොලඹ ගුවන් හමුදා කඳවුර කාන්තා සහ පිරිමි ශූරතාවයන් දිනා ගන්නා ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය කඳවුර කාන්තා සහ පිරිමි අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීනවරාය කඳවුරේ නායක ගුවන් භට කුලරත්න ආර්එම්එච් සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ සැරයන් අත්තනගොඩ පිළිවෙලින් දක්‍ෂතම ක‍්‍රීඩකයාට සහ ක‍්‍රිඩිකාවට හිමි සම්මාන දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල් ආර් ජයවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්වතාවට සහභාගී විය. ගුවන් හමුදා කැරම් සංචිත සභාපති ගෘාප් කැප්ටන් විටීඑස් සිරිමාන්න ,නිළධාරීන්, සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි