ගුවන් හමුදා භටයින් දෙදෙනෙකු වීරෝධාර විභූෂණයෙන් පිදුම් ලබයි
10:15am on Monday 26th August 2019
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමන් අතින් ගුවන් හමුදා භටයින් දෙදෙනෙකු හට වීරෝධාර විභූෂණය පදක්කම් පිරිනැමීම 2019 අගෝස්තු මස 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මියගිය බලලත් නිළධාරී වයිඑම්එස් යාපාරත්න  සහ කෝප‍්‍රල් ඩීඒඩබ්එන්ඩීබී රත්නායක හට මෙම පදක්කම් ප‍්‍රදානය කරන ලදී.

මියගිය බලලත් නිළධාරී වය්එම්එස් යාපාරත්න 2017 වර්ෂයේ මැයි මසදී ජීවිත අවදානමද නොසලකමින් ඇතිවූ ගංවතුර තත්වයෙන් සිවි්ල් වැසියන් මුදවාගැනීම වෙනුවෙන් මෙම පදක්කම පිරිනමන ලදී. ඔහු වෙනුවෙන් ඔහුගේ බිරිඳ වෙත වීරෝධාර විභූෂණය පදක්කම ප‍්‍රදානය කරන ලදී.

කෝප‍්‍රල් ඩීඒඩබ්එන්ඩීබී රත්නායක විසින් 2016 වසරේ දෙසැම්බර් මස 21 වන දින මඩකලපුව කලපුවේ ගිලෙමින් සිටි සිවිල් වැසියන් බේරා ගැනීම වෙනුවෙන් වීරෝධාර විභූෂණය පදක්කම ප‍්‍රදානය කරන ලදී.

ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා, ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී  අද්මිරාල් රවීන්ද‍්‍ර සී විජේගුනරත්න සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා මෙම අවස්ථාවට සහභාගී වූහ.

හදිසි ආපදා තත්වයන් වලදී ආපදාවට ලක්වූ පුද්ගල ජීවිත බේරාගැනීම සඳහා ස්වාධිනව ඉදිරිපත් වෙමින් දක්වන ලබන නිර්භිතභාවයන් උදෙසා මෙම වීරෝධාර විභූෂණය පදක්කම ප‍්‍රදානය කරනු ලබයි. මෙම පදක්කම හිමි පුද්ගලයින් හට සිය නමට පසුව ඩබ්ලිව් වී  ලෙස සටහන් කල හැකිවෙයි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි