හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
10:17am on Monday 26th August 2019
එයාර් කොමඩෝර් වී බී එදිරිසිංහ මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන්එච්ඩීඑන් ඩයස් මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 අගෝස්තු මස 19 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් පීඑස් ලියනආරචිචි මහතා විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

එයාර් කොමඩෝර් වී බී එදිරිසිංහ මහතා 2017 ජනවාරි 03 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු චීනයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පුහුණුවකට සහභාගී වීමට නියමිතය

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එන්එච්ඩීඑන් ඩයස් මහතා මීට පෙර සපුගස්තැන්න ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ ගුවන් පක්‍ෂාංගයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන ලදී. ඔහු එම්අය24, එම්අයි 17, බෙල් 206 ජෙට් රේන්ජර්, බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවල අත්දැකීම් බහුල හෙලිකොප්ටර් නියමුවෙකි

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් වී බී එදිරිසිංහ මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි