ගුවන් හමුදා රූපලාවන්‍ය ශීල්පී ශිල්පිනියන් උදෙසා රූපලාවන්‍ය වැඩමුළුවක්
10:22am on Monday 26th August 2019
ගුවන්පුර ක්ලිපර්ස් රූපලාවන්‍යාගාරය මගින් ගුවන් හමුදා රූපලාවන්‍ය ශීල්පී ශිල්පිනියන් උදෙසා සංව්ිධානය කරන ලද හිසකෙස් ආරක්‍ෂණ සහ රූපලාවන්‍ය වැඩමුළුවක් 2019 අගෝස්තු මස 20 වන දින ෂැන්ගුයින් සර්විසස් පුද්ගලික සමාගම අනුග‍්‍රහයෙන් පවත්වන ලදී, මෙම වැඩමුළුව ලෝරීල් රූපලාවන්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අනුශිකා හෙට්ටිගේ මහත්මිය,අයෝධ්‍යා මනතුංග මහත්මිය සහ ජානක වික‍්‍රමගේ මහතා විසින් මෙහෙවන ලද අතර මෙම අවස්ථාවට එම සමාගමේ නියෝජිතයෙකු වශයෙන් ගැවින් බ්ලොක් මහතාද සහභාගී විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්පුර,චීනවරාය විද්‍යාපීඨය, කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ සහ ඒකල යන කඳවුරුවල පිහිටා ඇති ක්ලිපර්ස් රූපලාවන්‍යාගාරයන්හි රූපලාවන්‍ය ශිල්පී ශිල්පීනියන් 22 කු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ අතර ඔවුන් හට ලෝරීල් ආයතනය මගින් වටිනා සහතික පත‍්‍රයක්ද පිරිනමන ලදී. මෙහිදී රූපලාවන්‍ය ශීල්පීන් ප‍්‍රතිකාර ක‍්‍රම තුනක් පුහුණු වූ අතර එහිදී දැනට බොහෝ ලෙස ප‍්‍රචලිතව පවතින ඇමෝනියා රහිත හිසකෙස් වර්ණ ගැන්වීමේ ක‍්‍රම පිිබඳවද දැන්මවත් වෙන ලදී.

වැඩබලන විධායක සුභසාධන ව්‍යාපෘති නිළධාරී ගෘාප් කැප්ටන් පීඊ ගුණවර්ධන, ගුවන්පුර ක්ලිපර්ස් රූපලාවන්‍යාගාර භාර නිළධාරී ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩබ්පීජීජීඩී විජේරත්න ඇතුළු පිරිසක්ද මෙම අවස්ථානට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි