26 වන ගුවන් ලක්සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
4:39pm on Wednesday 28th August 2019
ගුවන් ලක් සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ සාදා නිමකරන ලද 26 වන නිවස සැරයන් සෝමරත්න බීඑම්එන්කේ හට ප‍්‍රදානය කිරීම පසුගිය 2019 අගෝස්තු මස 23 වන දින සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම මත සිදුකරනු ලදී.

ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටල් එම්ජේආර් පෙරේරා, නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි