ගුවන් හමුදා යතුරුපැදි ධාවක මධුර පීරිස් විජයබා මෝටර්ක්‍රොස් 2019 තරඟාවළියේ යුධහමුදාධිපති අභියෝගතා කුසලානය දිනයි
4:47pm on Wednesday 28th August 2019
ගුවන් හමුදාවේ යතුරුපැදි ධාවක නායක ගුවන් භට මධුර පීරිස් විසින් 2019 අගෝස්තු මස 25 වන දින බෝයගනේදි පැවති විජයබාහු මෝටර්ක්‍රොස් 2019 තරඟාවළියේදී ස්ටෑන්ඩර්ඩ් 125සීසී කාණ්ඩයේ පළමු ස්ථානය දිනාගත්තේය. එසේම ඔහු .යුධහමුදාධිපති අභියෝගතා කුසලානය දිනාගැනීමටද සමත් විය. ඊට අමතරව,නායක ගුවන් භට මධුර පීරිස් 125සීසී හමුදා කාණ්ඩයේ සහ 125සීසී රේසිං කාණ්ඩයේ තුන්වන ස්ථානය දිනාගැනීමටද සමත්විය.

2012 වසරේදී ගුවන් හමුදා මෝටර් ධාවන කණ්ඩායමට ඇතුළත් වූ නායක ගුවන් භට මධුර පීරිස් ඔහු යතුරු පැදි ධාවනයට දක්වනු ලබන සුවිශේෂී දක්‍සතාවයන් හේතුවෙන් ශ‍්‍රී ලංකා ගවන් හමුදාවට විවිධ අවස්ථාවන් වලදී සුවිශේෂී ජයග‍්‍රහණයන් රැුසක් හිමිකර දීමට සමත් වී තිබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි