සීපීඑල් ටී-10 ක‍්‍රිකට් තරඟාවළියේ ශූරතාවය ආර්එස්එෆ් චැලෙන්ජර්ස් දිනයි
3:39pm on Tuesday 10th September 2019
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් අඛන්ඩව දෙවන වතාවට සංවිධානය කරන ලද කලම්බු ප‍්‍රිමියර් ලීග් - 2019 (සීපීඑල් ටී-10) ක‍්‍රිකට් තරඟාවළිය 2019 අගෝස්තු මස 20 වන දින සිට 2019 සැප්තැම්බනර් මස 10 වන දින දක්වා කොලඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි.

කණ්ඩායම් 40 ක් තරඟ වැදුණු මෙවර තරඟාවළියේ අර්ධ අවසන් තරඟ 2019 සැප්තැම්බර් මස 09 වන දින පැවැත්විණි. එහිදී හතරවන ආරක්‍ෂක කොට්ඨාශය නියෝජනය කරමින් තරඟ වැදුණු 'ලයන් හාට්' කණ්ඩායම විසින් ප‍්‍රභූ ආරක්‍සක පක්‍ෂාංගය නියෝජනය කරමින් තරඟ වැදුණු 'බ්ලැක් ඊගල්ස්' කණ්ඩායම පරදවමින් පළමුවන අර්ධ අවසාන තරඟ ජයග‍්‍රහනය කරමින් අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබීය. දෙවන අර්ධ අවසන් තරඟයේදී ගුවන් හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු විශේෂ බලකා කණ්ඩායම නියෝජනය කල 'ආර්එස්එෆ් චැලෙන්ජර්ස්' කණ්ඩායම විසින් ඉලෙක්ට්‍රොනික අංශය නියෝජනය කළ 'ආර්ඔ්සීටී ස්පය්ඩර්ස්' කණ්ඩායම පරදවා අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.

ෂීපීඑ8 ඨී-10 2019 තරඟාවළියේ අවසන් මහා තරඟය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් මස 10 වන දින විදුලි ආලෝක ධාරා මධ්‍යයේ කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් විශාල පිරිසක් අවසන් මහා තරඟය නැරඹීම සඳහා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනය වෙත ඒකරාශී වී සිටියහ.

අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ආර්එස්එෆ් චැලෙන්ජර්ස් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලයන් හාට්ස් කණ්ඩායම හට පිරිනැමූ අතර එහිදී ඔවුන් ලකුණු 119 කට සීමා කිරීමට ආර්එස්එෆ් චැලෙන්ජර්ස් කණ්ඩායමමේ පන්දු යවන්නන්් සමත් වූහ. ලයන් හාට්ස් කණ්ඩායමේ නායක ගුවන් භට දේශප‍්‍රිය විසින් කණ්ඩායම වෙනුවෙන් ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලකුණු 56 ක් ලබාගත්තේය. ලකුණු 120 ක ඉලක්කයක් හඹා ගිය ආර්එස්එෆ් චැලෙන්ජර්ස් කණ්ඩායම තරඟයේ අවසන් පන්දුවට ලබා ගත් දැවැන්ත හයේ පහරකින් තරඟාවළියේ ශූරතාවය තමන් සතු කර ගැනීමට සමත් වූහ. හයේ පහර තුනක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් ලබාගත් නායක ගුවන් භට එදිරිසිංහ ආර්එස්එෆ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විය. සමස්ථ තරඟාවළීයේම තම කණ්ඩායම වෙනුවෙන් දක්වන ලත අති විශීෂ්ට දායකත්වය හේතුවෙනන් ආර්එස්එෆ් චැලෙන්ජර්ස් කණ්ඩායමේ නායක ගුවන් භට ලක්රුවන් තරඟාවළියේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

ලකුණු පුවරුව

ලයන් හාට්ස්

පන්දු වාර 10 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 119

නායක ගුවන් භට දේශප‍්‍රිය 56
නායක ගුවන් භට සමරජීව 51
නායක ගුවන් භට ලක්රුවන් පන්දුවාර 2 ලකූනු 18 කට කඩුලු 02


ආර්එස්එෆ් චැලෙන්ජර්ස්

පන්දු වාර 10 අවසානයේදී කඩුළු 5 ක් දැවී ලකූණු 124

නායක ගුවන් භට එදිරිසිංහ 29
නායක ගුවන් භට ලක්රුවන් 26
කෝප‍්‍රල් කුමාර පන්දු වාර 02 ලකුණු 18 කට කඩුළු 02


තරඟාවීළයේ වීරයා

නායක ගුව්න භට ලක්රුවන්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි