මොරවැව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
9:59am on Wednesday 25th September 2019
මොරවැව ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන නිලධාරි වින්ග් කමාන්ඩර් එච්එම්ටි නන්දක කුමාර මහතා විසින් මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච් ටි එච් ධර්මදාස මහතා හට නිළවශයෙන් භාරදීම  2019 සැප්තැම්බර් මස 18 වන දින මොරවැව ගුවන් හමුදා කඳවුරැ මූලස්ථානයේදි සිදුවිය. ගෲප් කැප්ටන් එච් ටි එච් ධර්මදාස මහතා කෙග්ගල ගුවන් හමුදා කදවුරේ  අණදෙන නිලධාරිවරයා ලෙස කටයුතු කරන ලදී.

වින්ග් කමාන්ඩර් එච්එම්ටී නන්දක කුමාර මහතා 2018 දෙසැම්බර් 10 වන දින මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ වැඩ බලන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලදී.ඔහු ශ්‍රී ලංකා රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිලධාරිවරයා ලෙස  වැඩභාර ගැනීමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි