එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා
9:43am on Friday 27th September 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ තවත් එක් ස්වර්ණමය සංධිස්ථානයක් සනිටුහන් කරමින් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා "මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර්ෆෝස්" යන ගෞරව නිළයෙන්  පිදුම් ලැබීමේ නිල උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් මස 19 වන දින පෙරවරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්තයේ දී පැවැත්විණි.

අලංකාර පෙළපාලියකින් සමන්විත වූ මෙම උත්සව අවස්ථාව සඳහා විශේෂ අමුත්තන් රැුසක්, ති‍්‍රවිධ හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක්ද සහභාගී වූ අතර මෙහිදී නාවික හමුදාවේ හිටපු නාවික හමුදාධිපති අදුමිරාල් වසන්ත කරන්නාගොඩ මහතා හට ”අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්” යන ගෞරව නිළය ප‍්‍රදානය කිරීමද සිදුකෙරිණි.

මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිළය කිසිදිනෙක විශ‍්‍රාම ගැන්වීමක් සිදු නොකරන අතර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තනතුර හා සම ස්ථානයක් ගනි. මෙම ඉහළම නිළය තරු පහකින් නිරූපණය කරනු ලබයි. එසේම වම් අතෙහි මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිළයේ යෂ්ටිය දරනු ලබයි. මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් නිළය රටෙහි ජනාධිපතිට හෝ රජුට පමණක් ආචාර කිරීම සිදු කරනු ලබයි.

හිටුපු හමුදාධිපතිවරුන් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා සහ එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ පැමිණිමෙන් අනතුරුව ඔවුන් පිළිබඳව කෙටි වාර්තා වැඩසටහනක් ප‍්‍රචාරය කරන ලදී. අනතුරුව අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සම්ප‍්‍රාප්තිය සිදු කෙරිණි. අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්‍ද්‍ර විජේගුණරත්න විසින් හිටපු හමුදාධිපතිවරුන් පිළිබඳ විශේෂ උපුටා දැක්වීම කියවන ලදී. අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් සහ මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් නිළයන්ට අයත් නිළ යෂ්ඨි ප‍්‍රදානය කිරීමෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ගෞරව නිළයද එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා හට මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් ගෞරව නිළයද පිළිගැන්වීම සංකේතවත් කරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් විශේෂ පීඨිකාවෙන් පිටත්ව යාමෙන් අනතුරුව උත්සවය නිළ වශයෙන් අවසන් කෙරුණු අතර නව නිළයන්ගෙන් පිදුම් ලැබූ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් සියළු දෙනාගේ සුභපැතුම් පිළිගැනීමෙහි නිරත විය.

නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සැදුමි ලත් මාර්ග පෙළ ඛණ්ඩ ආචාර මධ්‍යයේ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා උත්සව සභාවෙන් නික්ම යාම සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි