ජල ක්‍රීඩා ශූරයින් අනුරාධපුර කඳවුරින්......
7:01pm on Thursday 2nd December 2010
2010 වර්ෂයේ අන්තර් ඒකක පිහිණුම් සහ ජලක්‍රීඩා තරගවලින් ශුරයින් වීමට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට හැකිවිය. පසුගිය නොවැම්බර් මස 23 දින සිට 26 වෙනි දින දක්වා තරගාවලිය කටුනායක කඳවුරු ජලතටාංගන පරිශ්‍රයේදී තරගාවලිය පැවැත්විණි.

තරගාවලියේ ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිමින් අනුරාධපුර කඳවුර ලකුණු 172ක් ලබා ගත් අතර හිගුරක්ගොඩ සහ වව්නියාව කඳවුරු පිළිවෙලින් ලකුණු 111ක් සහ ලකුණු 47ක් ලැබීය.

හිගුරක්ගොඩ කඳවුරේ සේවයේ නියුතු ගුවන් කාන්තා කෝප්‍රල් මල්වලගේ කාන්තා ශුරතාවය ලබා ගත් අතර පිරිමි ශුරතාවය වෙනුවෙන් කෝප්‍රල් පතිරණ සහ සැරයන් වීරත්පොල සුදුසුකම් ලැබීය.

ජල පංදු තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතාවන් දෙකෙහිම ශූරතාවය තමන් සතු කර ගැනීමට අනුරාධපුර ගුවන් හමුදා කදවුරට හැකිවිය. පිරිමි තරගයේදී අනුරාධපුර කදවුරු කණ්ඩායම 4-3 ලෙස වව්නියාව කදවුර පරාජයට පත්කරන ලදී. කාන්තා තරගයේදී ගෝල 5-4 වශයෙන් ඒකල කදවුර පරාජය කරමින් ශූරතාවය දිනා ගන්නා ලදී.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස පරීක්ෂණ සහ ආරක්ෂණ අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ටී දිසානායක සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි