අංක 08 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 79 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
9:30am on Wednesday 2nd October 2019
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 08 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 79 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2019 සැප්තැම්බර මස 27 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අණදෙන නිළධාරි එයාර් කොමර්ඩෝ ආර් පී ලියනගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයිගපාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදීග ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 41 දෙනෙකු කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 45 දෙනෙකු සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු ගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 88 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 08 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් බලලත් නිළධාරි විජේසිංහ හා කෝප‍්‍ර‍්‍රල් අමරසිංහ බීටිඒ සම්මාන හිමිකර ගත් අතර අංක 79 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සුලු නිළධාරි එස්පීපී කුමාර සහ කෝප‍්‍රල් පබසරා කේඩබ්ලියුඅයි පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි