වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් පුණ්‍ය කටයුත්තක්
11:59am on Wednesday 2nd October 2019
වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද පුණ්‍ය කටයුත්තක් කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමාඩෝර් එල්එච් සුමනවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් මස 28 වන දින මහකච්චකුඩිය ප‍්‍රාථමික විද්‍යාලයේදී සිදුකරන ලදී.

මෙහිදී සම්පූර්ණයෙන් අළුත්වැඩියා කරන ලද ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සහ මහකච්චකුඩිය ප‍්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් හට පොත් 700 කට අධික ප‍්‍රමාණයක් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී තුෂාන්ති සුමනවීර, වව්නියාව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්එච් සුමනවීර , නිළධාරීන් සහ ගුවන් භටයින් ගුවන් කාන්තාවන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි