ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2019
9:35am on Monday 7th October 2019
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු ,ලෝක ළමා දින සැමරුම 2019, ඹක්තෝමිබර් මස 01 වන දින ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ගී‍්‍රන් කි‍්‍රඩාංගනයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්ව්මෙන් සංව්ධානය කරනු ලැබු මෙම වැඩසටහන සදහා දරු දැරියන් 790 දෙනෙකු සහභාගී විය.

මෙම උත්සවය ආරම්භ වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය සහ 2018 වසරේ අ පො ස සාමාන්‍ය පෙළ  විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානයට පත්වු නිලක්නා දිසිවරි වරුසවිතාන ශිෂ්‍යාවගේ පැමිනීමත් සමගය.මෙම අවස්ථාවට සහභාගී වූ ළමුන් සඳහා ක්‍රීඩා කලාප, ගුවන් සුනඛ සංදර්ශන  සහ තවත් බොහෝ අංගයන් දැක ගැනීමට  අවස්ථාව උදා විය.

මෙම අවස්තාවට සමගාමීව වවුනියාව මහකච්චකොඩිය රජයේ පාසලේ දරු දැරියන් 53 දෙනෙකු වෙනුවෙන්  කොළඹ ප‍්‍රදේශයේ සුවිශේෂි ස්ථානයන් දැක බලා ගැනිම සදහා අවස්ථාවක් සලසා දි තිබු අතර ඹවුන් කොළඹ ප‍්‍රදේශයේ සංචාරය කරනු ලැබූ ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.තවද මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරය නැරඹීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලදී.

තවද නවගත්තේගම රාලපනාව ප්‍රාථමික විද්‍යාලයේ වරප්‍රසාද ලත් සිසුන්ට පොත්පත් ලබා දීම සඳහා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් විශේෂ පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර ගුවන් හමුදා අණදෙන නිලධාරී එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පොත් ප්‍රදානය කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ,ගුවන් කැකුලු සිත්තම්, චිත්‍ර තරගය සංවිධානය කරන ලද අතර වැඩසටහන අතරතුර ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග හා සහතික ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ සෑම දරුවෙකුටම සේවා වනිතා ඒකකය විසින් වටිනා තෑගි පැකට් සහ නව පැළයක් තෑගි කරන ලදී.

ගුවන් හමුදා ළමා දින සැමරුම් වැඩසටහන සදහා සහභාගිවු දරු දැරියන් සියළුම දෙනා හට අමතක නොවන මතකයක් තම ජිවිතයට එක්කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු මෙම වැඩසටහන පුරාවට තම ජිවිතයට නැවුමි අත්දැකිමි සමුදායක් එක් කර ගනිමින් ගුවන් හමුදා කොළඹ කදවුරෙන් පිටව යන ලදි.

කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී සහ නිලධාරීන් සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් විවිධ කඳවුරු හා ස්ථානවල නිලධාරීන් සහ ගුවන් භටයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි