නව ජාත්‍යන්තර පෙර පාසලක් ඒකල ගුවන් හමුදා කදවුරේදී විවෘත කරයි
2:50pm on Friday 3rd December 2010
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ඒකල ගුවන් හමුදා සේවා හා සිවිල් පුද්ගලයන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසලක් පසුගියදා(01) ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

2500 ආසන්න සේවා පුද්ගලයින්ගෙන් සමන්විත ගුවන් හමුදා ඒකල  කදවුරෙහි බහුතරයක් කදවුරෙන් පිටත වාසය කරන අතර ඉන් බොහොමයක් විවාහ නිවස්න තුල රැදී සිටී.විවාහ නිවස්නවල රැදී සිටින සේවා පුද්ගලයින්ගේ දරුවන් වෙනුවෙන් සුදුසු පේර පාසලක් සොයා ගැනීමට දරන අපහසුතාවය මගහරවා ගැනීමට එකල කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජානක අමරසිංහ මහතාගේ අදහසකට අනුව සේවා වනිතා එකකයේ දායකත්වයෙන් මෙම පෙර පාසල ඉදිකරන ලදී.

2010 වර්ෂයේ සැප්තැම්බර් මස 03 දින ඉතා සුලු සම්පත් දායකත්වයෙන් ආරම්භ කල මෙම පෙර පාසල මේ වනවිට සිසුන් 20 වඩා අදික සංඛ්‍යාවකගේ ණැනස පැදීමට සමත් ව ඇති අතර 2011 වර්ෂය වන විට තවදුරටත් මෙම තත්වය වර්දනය කිරීමට බලාපොරොත්තු වනු ඇත.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි