ගුවන් හමුදා භොජනාගාර භාරකරුවන්ට සහ සලාක සහායකයන් හට විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන් සඳහා සේවා සැපයීම පිළිබඳ පුහුණුවක්
2:33pm on Monday 14th October 2019
ගුවන් හමුදා භොජනාගාර භාරකරුවන්ට සහ සලාක සහායකයන් හට විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන් සඳහා සේවා සැපයීම පිළිබඳ පුහුණු වැඩසටහනක් සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමණාකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්වීම මත ගුවන් හමුදා පුහණු අධ්‍යක්‍ෂක සහ සැපයුම් අධ්‍යක්‍ෂකගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම පුහුණු වැඩසටහන අදියර තුනක් යටතේ දින හයක් මුළුල්ලේ පවත්වන ලද අතර ගුවන් හමුදා භෝජනාගාර භාරකරුවන්ගේ සහ සලාක සහායකයන්ගේ අඛණ්ඩ වෘත්තීය පුහුණු වැඩසටහන් පුළුල් කිරීමක් ලෙස ක‍්‍රියාත්මක කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තුළ විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන් සඳහා සේවා සැපයීමේ හැකියාව පුළුල් කිරීම සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලදී. නිළධාරීන් තිදෙනෙකු සහ සේවා පුද්ගලයින් 46 දෙනෙකු (භෝජනාගාර භාරකරුවන් 22 සහ සලාක සහායකයින් 24* මෙම පාඨමාලාව සඳහා සහභාගි වූහ.

මෙහිදී බටහිර, ඉන්දියානු, තායි, උත්සව අවස්ථා ආහාර සහ කෙටි ආහාර ඇතුළු විවිධ ආහාර වට්ටෝරු සැකසීම පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුවීම්හි පුහුණුවන්නන් නිරත වුහ. ඊට අමතරව, පුහුණුවන්නන් විසින් ආහාර පිළිගැන්වීම, දිවා/රාත‍්‍රී ආහාර සැකසුම්, වයින් සහ මත්පැන් පිළිගැන්වීම, නව කොක්ටේල් සකස් කිරීම සහ උත්සව අවස්ථාවන් සැලසුම් කිරීම පිළිබඳව ප‍්‍රායෝගික පුහුණුවීම්හිද නිරත වූහ. මෙහිදී ප‍්‍රායෝගික සහ න්‍යායික පුහුණුව ලබාදීම සඳහා හොටෙල් ට්‍රොපිකල්් ලයිෆ්, අරලිය රිසෝට්, හෙරිටේජ් කණ්ඩලම, හබරණ විලේජ්, සහ සීගිරිය විලේජ් හෝටල් හි ක්‍ෂේත‍්‍රයේ පළපුරුදු ප‍්‍රවීනයන් ගේ දායකත්වය ලැබිණි.

පුහුණු පාඨමාලාවේ අදියර තුන තුලදී පුහුණුවන්නන් විසින් විශේෂ අමුත්තන්ගේ උත්සව අවස්ථාවන්හිදී සේවා සැපයීම පිළිබඳ පුළුල් දැනුමක් ලබාගන්නා ලදී. පාඨමාලාවේ අවසන් දින සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චින්තක අල්විස්, ප‍්‍රායෝගික පුහුණුවීම් සඳහා දායකත්වය ලබා දුන් හොටල් සමූහයේ නිළධාරීන් සහ කඳවුරේහි අනෙකුත් නිළධාරීන් පිරිසක්ද උත්සව අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි